ටිකක් ඉවසන ලෙස මංගල ලෝකෙට කියයි


ඉදිරියට යෑමට පෙර නිවැරදි කර ගත යුතු බොහෝ දේ ශ්‍රී ලංකාවට තිබෙන හෙයින් ඒ සඳහා කාලය ලබාදී මදක් ඉවසිල්ලෙන් සිටින්නැයි අන්තර්ජාතික ප‍්‍රජාවගෙන් හා විශේෂයෙන් ජගත් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකාවේදී පැවසීය.

තම ඇමරිකා සංචාරයේ එක් අදියරක් ලෙස වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර සාමය සදහා වන කාර්නගී එකමුතුව අමතමින් සිදුකළ දේශනයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ෙමෙම කාලය ශී‍්‍රලංකාවට ඉතාම සංවේදී කාලයක් බව ඔහු කීය.නව රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමටත්,යහපාලනය ස්ථාපිත කිරීමටත්,නීතියේ ස්වාධිපත්‍ය පවත්වාගැනීමටත්,සියළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් සුරක්ෂිත කිරීමටත් කැපවී සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඇමරිකා ජනපති බරක් ඔබාමා සංචාරයක් සදහා පැමිණෙන්නේ නම් ඔහු පිළිගැනීමට ශී‍්‍ර ලංකාව ඉතා කැමැත්තෙන් සිටින බවද ඔහු සඳහන් කළේය.