ට්‍රිසි සරණාගතයෝ 46ක් ගෙදර එති


දකුණු ඉන්දියාවේ ට්‍රිසියේ සරණාගත කඳවුරුවල සිටි ශ්‍රී ලාංකික සරණාගත පවුල් 15කට අයත් 46 දෙනෙක් කලකට පසු අද ගමරට ආහ. ඔවුහු යුද සමයේ ත්‍රිකුණාමලය, යාපනය, මුලතිව හා මන්නාරමෙන් දකුණු ඉන්දියාවට පැන ගිය අය වෙති.