ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය අතරතුර විරෝධතාවලින් 7ක් මරුට


ඉන්දියාවේ දිල්ලි නුවර පැවැති විරෝධතා අතරතුර ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් තිබේ.

එක් පොලිස් නිලධාරියෙකු සහ සිවිල් පුරවැසියන් 6 දෙනෙකු මෙසේ මියගොස් ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ සම්මත කළ පුරවැසි පනතට එරෙහිව මෙම විරෝධතා පැවැත්වේ.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉන්දීය සංචාරයක නිරතව සිටින අතරතුර මෙම විරෝධතා ඇතිවිය.

මතභේදාත්මක පුරවැසි නීතියට සහාය දක්වන්නන් සහ ඊට විරුද්ධ පාර්ශ්ව මෙහිදී ගැටී තිබේ.

මෙම ගැටුම් ඉදිරියටත් ඇති විය හැකි බව  ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.


(බීබීසී ඇසුරෙනි)
226