
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවූහ. ඒ, ඇලස්කාවේ, ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදීය.
මුලින්ම එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් කඳවුර බලා පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
ඒ, ඔහුගේ එයාර් ෆෝස් 1 ගුවන් යානයෙනි.
පුටින් ඔහුගේ නිල ගුවන් යානයෙන් හමුදා කඳවුර වෙත පැමිණියේ ඉන්පසුවය.
ඇලස්කාව යනු ඇමෙරිකන් ප්‍රාන්තයකි. පුටින්ගේ පැමිණීමට විරෝධය දක්වමින් ඇලස්කා වැසියන්ගෙන් විරෝධයක් ද එල්ල විය.
ට්‍රම්ප් සහ පුටින් මෙසේ මේ අයුරින් හමුවන්නේ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට සාකච්ඡා පැවැත්වීම සඳහාය.
යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත්වීම ගැන පුටින් සතුට පළ කර ඇත.
ගුවන් යානාවලින් බැසගත් ලෝක බලවතුන් දෙදෙනා සුහදව එකිනෙකාට අතට අත දෙමින්, සාකච්ඡා පැවැත්වෙන කාමරය බලා ගියේ මාධ්‍යවේදීන්ට ද අත වනමිනි.
මේ මොහොත වෙද්දී, ලෝක බලවතුන් දෙදෙනා අතරේ සාකච්ඡා ආරම්භ වී ඇත.
(බීබීසී)

