(නිමන්ති රණසිංහ / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවැති තවත් නඩුවකදී ඒ හිමියන් රුපියල් 10000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය.
පොළොන්නරුව කින්නවේල්පට්ටි හෝ වේරගොඩැල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් පවත්වා මුස්ලිම් ජනතාවට අපහාස කළැයි මෙම නඩුවෙන් ඥානසාර හිමියන්ට විරුද්ධව චෝදනා නගා ඇත.
ඥානසාර හිමියන්ට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා මහජන සාමය කඩවන පරිදි මින් මනත ක්‍රියා කළොත් ඇප අවලංගු කර රිමාන්ඩ් කරනු ලබන බවත් දැන්වීය.






