ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට


 

ඉන්දිකා රාමනායක

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අවුරුදු 6 ක  බරපතල සිර දඬුවම් නියම වී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (30) පෙරවරුවේ ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රෝහලට යවා තිබු බව අධ්‍යක්ෂකවරයා පවසයි.

බන්ධනාගාර නිලධාරින් පෙරවරු 11.45 ට පමණ ගිලන් රථයකින් උන්වහන්සේ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබු අතර එම අවස්ථාව වන විට ගිහි පැවිදි විශාල පිරිසක් රෝහල් භූමියට පැමිණ සිටියහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලේ දී ශල්‍යකර්මයකට භාජනය කර තිබුණි.

 

(36698)