ඥාති දියණියට අතවර කළැයි හමුදා කෝප්‍රල් රිමාන්ඩ්


(උපාලි ආනන්ද)

වසර හතරක කාලයක් වයස අවුරුදු 13ක් වයසැති තම ඥාති දියණියක වරින් වර විවිධ ලිංගික අපයෝජනයන්ට ලක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුධ හමුදා කෝප‍්‍රල්වරයකු ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද (22) නියෝග කළේය.

තන්තිරිමලේ යුධ හමුදා කදවුරේ යුධ හමුද කෝප‍්‍රල්වරයෙක් මෙලෙස රිමාන්ඩ් කරනු ලැබීය.
 
මෙම අතවර කිරීම් තමාට ඉවසා සිටිය නොහැකි නිසා තමා දිවි නසා ගන්නා බවත් යළි පාසල් නොඑන බවත්  පවසමින් දැරිය ඇගේ පාසලේ මිතුරියකට ලිපියක් යවා ඇති බව පොලිසිය අධිකරණයට පැවසීය.

එම මිතුරිය අදාළ ලිපිය පංති බාර ගුරුවරියට බාරදී ඇතැයි ද කියැවිණි.ඉන්පසු ගුරුවරිය ඒ බව දැරියගේ නිවසට දන්වා ඇත.අතවරයට පත් දැරියගේ මව විදේශ රැකියාවකට ගොස් තිබේ.