( හර්ෂණ තුෂාර සිල්වා )
ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවලදී සෙනට් සභික ජෝන් මැකේන් හැම විටම මෙරට විශ්වාසනීය මිතුරකු ලෙස කටයුතු කළේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභික ජෝන් මැකේන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ බව සඳහන් කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභික ජෝන් මැකේන් මහතා ඉකුත් දා (25) අභාවප්‍රාප්ත වූ අතර ඔහු මිය යනවිට 81 වන වියේ පසු විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.
“සෙනට් සභික මැකේන්ගේ අභාව සම්බන්ධයෙන් මමත් මෛත්‍රීත් කනගාටුවට පත්වුණා. ජොන් මැකේන් 1990 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණියා. එතැන් පටන් අප හොඳ මිතුරුන්. වසර 2014 දී ඇරිසෝනාහි පැවැති සෙඩෝනා සමුළු සම්මන්ත්‍රණයට සහභාගී වූ අවස්ථාවේදීත් අපි හමුවුණා. ඔහු ඔහුගේ අවසන් වසර ගත කළේත් එහි.
ජෝන් මැකේන් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මිතුරෙක්. ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවලදී ඔහු හැකි සෑම සහයෝගයක්ම ලබාදුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය සඳහා ද්විපාර්ශවීය සබඳතා තුළින් සහයෝගය දුන්නා. ශ්‍රී ලංකාවටත්, ඇමෙරිකා එක්සත් ජනපදයටත් ලෝකයටත් ගෝලීය නායකයකුගේ අඩු ව තදින් දැනේවි.
සින්ඩි මැකේන් සහ පවුලට අපි කනගාටුව ප්‍රකාශ කරනවා”.