ජොහාන්ගේ ආධාරකරුවකුට ගහලා


කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක ජොහාන් ප්‍රණාන්දු මහතාගේ ආධාරකරුවකු බව කියන කුරුණෑගල නගරයේ ත්‍රීරෝද රථ රියැදුරකු අද සවස පැහැරගෙන ගොස් ඇති පිරිසක් ඔහුට පහර දී ඇතැයි ද, ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇතැයි ද වැල්ලව පොලිසිය කියයි.

කිංස්ලි මුතුකුඩ (33) නම් ත්‍රීරෝද රථ රියදුරා එසේ තුවාල ලැබීය.

පහර දුන් පිරිසෙන් දෙදෙනකු හොදින් හදුනන බව ඔහු කියයි.

පහරදීමෙන් ඔහුගේ මුහුණට හානි සිදුව ඇත.