(නිමන්ති රණසිංහ)
වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අල්ලස් චෝදනා ලැබ සිටින හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩු තුනකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාට ලබන නොවැම්බර් 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නොතිසි නිකුත් කළේය.
සිය වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කර නොමැතිවීමෙන් වරදක් කර ඇතැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩුවේ විත්ති වාචිකව ඉදිරිපත් වීමෙන් පසු මෙම සාක්ෂි කැදවීමට අවසර ලබා දෙන ලෙසට විත්තියේ නිතීඥවරු ඉල්ලා සිටියහ. මෙය සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ නොතීසිය නිකුත් කළේය.
2010 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා වූ වසර පහකට අදාළව වසර දක්වමින් 1975 අංක 1 වගන්තිය ප්‍රකාරව වත්කම් බැරකම් ප්‍රකාශ පනතට අදාළව සිය වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් වත්කම් ප්‍රකාශයේ 9 (1) වගන්තිය උල්ලංඝණය කර ඇතැයි අල්ලස් කොමිසම චූදිතයාට එරෙහිව අධිකරණයට චෝදනා ගොනු කර ඇත.