ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ඉවතට


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

රිමාන්ඩ් බාරයේ සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

 

ඒ අනුව නඩුව අවසන් වනතුරු කුරුණෑගල මහාධිකරණය තමන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගත් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ  ප්‍රතිශෝධන  පෙත්සම ද අභියාචනාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කරන ලදී.

 

පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන් ඉදිරියේ අද (17) කැදවිණි.

 

ලංකා සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහිව නඩු පවරා තිබූ අතර එම නඩු විභාගය ආරම්භ කළ අවස්ථාවේදීය. එය නීතියට පටහැනි බව පෙත්සමේ සදහන් වේ.