ජොන්ස්ටන් කුරුණෑගල උසාවියට


සතොසේ සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද(06) උදේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.

ඔහු බන්ධනාගාර බසයෙන් රැගෙන එද්දී ආධාරකරුවෝ රැසක් පාර දෙපස සිට හිටපු ඇමැතිට සහාය පළ කරමින් කෑකෝ ගැසූහ.

බන්ධනාගාර බසය අධිකරණය අසලට ගෙන යෑම සඳහා පිරිස් ඉවත් කිරීමට පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.

අධිකරණය අසළ ද විශාල පිරිසක් රැස්ව සිටිති.

] Picture-144 Picture-145 Picture-147 Picture-148 Picture-149 Picture-150 Picture-151 Picture-153 Picture-154 Picture-158 Picture-168