ජේලර්ලා ගාඩ්ලා කුලියට කහිති
පාතාලය සමග සබඳකම් පවත්වමින් සොරකම් සහ කොල්ලකෑම් වලට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට අත්අඩංගුවේ සිටින මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ඇතුළු පිරිස අද බලපිටිය උසාවියට ගෙන එද්දී රැගෙන ආ බන්ධනාගාර නිලධරයෝ පුවත්පත් වාර්තාකරුවන්ට බැණ වදිමින් ඔවුන්ගේ රාජකාරියට අවහිර කළහ. සැකකරුවන්ගේ ඡායාරූප නොගන්නා ලෙස ද තර්ජනය කළහ.

