ජෙම්ස් - සැන්යා මීටර 400 ඉසව්වේ රන් පදක්කම් දිනති


ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර 400 පිරිමි ඉසව්වේ රන් පදක්කම ග්‍රෙනෙඩා’හි කිරානි ජෙම්ස් දිනා ගත්තේය. ජාතික වාර්තාවක් ද පිහිටුවමින් 19 හැවිරිදි කිරානි, තත්පර 43.94 කින් තරගය නිම කළේය. ඩොමෙනිකාවේ ලූගිලින් සැන්තොෂ් රිදී පදක්කම දිනාගත් අතර ටි‍්‍රනිඩෑඞ්’හි ලෙලොන්ඩි ගෝඩන් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. මීටර 400 ඉසව්වේ කාන්තා රන් පදක්කම ඇමරිකාවේ සැන්යා රොස් රිචඞ්සන් දිනා ගත්තාය. සැන්යා අවසන් තරගය තත්පර 49.55 කින් නිම කළ අතර බි‍්‍රතාන්‍යයේ ක‍්‍රිස්ටිනා ඔරුගෝ රිදී පදක්කම දිනා ගත්තාය. ඇමරිකාවේ ඞීඞී ටෝටර් ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය. අවසන් වරට පැවැති බීජිං ඔලිම්පික් උළෙලේදී සහ 2004 වසරේ ඇතන්ස් ඔලිම්පික් උළෙලේදී 400 - 4 සහය දිවීමේ ඉසව්වේ (කාන්තා) රන් පදක්කම 27 හැවිරිදි සැන්යා දිනා ගෙන තිබේ. ඇය, බීජිං ඔලිම්පික් උළෙලේදී මීටර 400 ඉසව්වේ (කාන්තා) ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.