(ක්‍රිෂාන්ජීවක ජයරුක් සහ එස්.බාලසුරිය)
පවතින ආපදා තත්ත්වයෙන් විදුලි බලය විසන්දි වීම නිසා විදුලි උත්පාදන යන්ත්‍රයක් මගින් විදුලිය ගත් රොටුඹ ඌරව ප්‍රදේශයේ එකම පවුලේ සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රොටුඹ පොලීසිය පවසයි.
එම අවස්ථාවේ නිදාගෙන සිටි මව,පියා,පුතා හා දියණියක මෙලෙස මිය ගොස් තිබේ.
නිවස තුළ ක්‍රියාත්මක කරන ලද විදුලි ජනන යන්ත්‍රයෙන් උත්පාදනය වු වායුවකින් හෝ විෂ දුමකින් ඔවුන් මිය යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

