ජුලි වර්ජකයනට පොලිසියෙන් හිරිහැර


වසර 32කට පසුව ද තම ප‍්‍රශ්නය නොවිසදුණු බව කියමින් ජූලි වර්ජකයන් කොළඹ  ඕල්කට් මාවතේ සිට ජනපති මැදුර දෙසට යන්නට ආ නමුත් පොලිසිය මාර්ග බාධක පනවා ගමන වැළැක්වීය. ටෙලිකොම් මූලස්ථානය අසලින් පනවා තුබු මාර්ග බාධක බිඳගෙන යන්නට ඇතැමෙක් උත්සාහ කළහ. පොලිසිය සමග ඇති වූ බහින්බස් වීමේදී පොලිසිය වර්ජකයන් එහොට මෙහාට තල්ලූ කැර දැමීය. පොලිසිය තමන්ට පහරදුන් බව වර්ජකයෝ කීහ. පහර නොදුන් බව පොලිසිය කියයි.