ජීවිතේ මහා කැලේ


තිස් අවුරුදු යුද්ධයෙන් නැවත නැවත අවතැන් වෙමින් 2007 වසරේදී අවසන් වරට අවතැන් වූ මන්නාරම මුල්ලිකුලමේ ගම්මානයේ සියයට සියයක් දමිල කතෝලික ජනතාව අද වනවිට තවත් කැලෑවක අවතැන්වී සිටිති.  මරිච්චිකට්ටු ගමෙහි ජූලි 15 වැනිදා සිට ඔවුහු ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරති. අලි මෙන්ම සර්පයෝද ඒ කැලෑවේ සිටිති. ධීවර රැකියාව හා කෘෂිකර්මාන්තයෙන් දිවිය සරිකර ගත් පවුල් 400ක පමණ මුල්ලිකුලම් ජනතාව අද රැකියාවක් කර ගන්නට නොහැකිව කැලෑ වැදි සිටිති. ගේදොර අහිමිවිය. මීගමුව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දුරකථන අංක 0312239750 ඔවුන් ගැන තවත් විස්තර දැන ගත හැකිය.