ජීවන් තොණ්ඩමන් මැතිවරණයට නුවරඑළියෙන් තරග කිරීමට අත්සන් තබයි


(ශාන්ත චන්ද්‍රසිරි)

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහතා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අද (04) අත්සන් තැබීය.

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමාන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට පියවර ගෙන තිබිණි.

ඒ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු නාම යෝජනාව සඳහා මෙසේ ජීවන් තොණ්ඩමාන් මහතා අත්සන් කෙරිණි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන් හා නීතිඥ මඩුල්ලක් ඉදිරියේ ජීවන් තොණ්ඩමන් මහතා නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් තබන ලද අතර එම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරුන්වන ඒ. පී. ශක්තිවේල්, මරදපාණ්ඩි රාමේෂ්වරන්, නීතිඥ පී. රාජතුරෙයි ඇතුළු තොණ්ඩමාන් පවුලේ සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.