ජීවන බරට එරෙහිව වීදි බසී


දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට මුහුණ දීම සඳහා වහාම වැටුප් වර්ධකයක් ලබා දෙන ලෙස රජයට බල කරමින්    විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ කොළඹ වෝර්ඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාලයය ඉදිරිපට දී අද උද්ඝෝෂණයක් පැවැත්වූහ. වැටුප් ගිවිසුම වහා ක්‍රියාත්මක කිරීම, සියයට විසි පහක දීමනාවක් වහා ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් ඔවුහු ඉල්ලති. විශ්ව විද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව මගින් මෙය සංවිධානය කළ අතර උද්ඝෝෂණකරුවන්ගෙන් වෝර්ඩ් පෙදෙස සම්පූර්ණයෙන්ම අවහිරවීම නිසා දැඩි රථවාහන තබදබදයක් ඇතිවුණි.