ජීවන බර සොයන්න රනිල් කඩ වීදියේ


දිනෙන් දින ඉහළ යන ජීවන වියදම පිළිබඳව ජනතා අදහස් දැන ගැනීමට විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කොළඹ අලුත්කඩේ අබ්දුල් හමීඩ් වීදියේ වෙ‍ළෙඳ පොළට ගියේය. එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසාම්මිල්, පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් මහත්වරු ද පදික වෙළෙඳුන් ඇතුළු කඩ හිමියන් හා පාරිභෝගිකයන් සමග කතා කළහ.