ලෝක ප්‍රසිද්ධ ප‚වුඩ හුවමාරු ක්‍රමයක් වන ජී මේල් හි අතුරු මුහුණතට සිංහල ඇතුළු භාෂා දහතුනක් අලුතින් ඇතුළත් කිරීමට ගූගල් සමාගම පියවර ගෙන ඇතැයි පී.සී වර්ල්ඩ් වෙබ් අඩවිය සඳහන් කරයි.
‘ජී මේ‘ල් යනු විද්‍යුත් තැපැල් පහසුකම් සැපයීම සඳහා ගූගල් සමාගම හඳුන්වාදුන් සන්නිවේදන ක්‍රමයකි.
මීට පෙර ජී මේල් හි භාෂා 58ක් තිබූ අතර නව භාෂා එක්වීමත් සමඟ එය භාෂා 71 දක්වා වැඩිවිය.
ජී මේල් අතුරු මුහුණතට අලූතෙන් එක් වූ භාෂා වනුයේ ඇෆ්‍රිකාන්ස්, ආර්මේනියන්, අසර්බයිජානී, චීන (හොංකොං), ප්‍රංශ (කැනඩා), ගැලීෂියන්, ජෝර්ජියන්, කෙමර්, ලාඹ්, මොංගෝලියානු, නේපාලි, සිංහල හා සූලුය.
ජී මේල් වෙත එක්කළ භාෂා පෙරේදා (7) ක්‍රියාත්මක වන අතර එය ජංගම දුරකථන ඇතුළු ගූගල් සමාගමේ ජී මේල් ක්‍රියාත්මක වන සෑම උපකරණයකම ක්‍රියාත්මක වන ගූගල් සමාගම කියයි.
ජී මේල් හි අතුරු මුහුණතෙහි (ඉන්ටර්පේස්) භාෂාව වෙනස් වීම නිසා මිනිසුන් සන්නිවේදනය කරන, එනම් පණිවුඩ යවන හෝ පණිවුඩ ලැඛෙන භාෂාවේ වෙනස් වීමක් නොවන බවද ගූගල් සමාගම කියයි.

