(නාලක සංජීව දහනායක)
ජී.එස්.පි ප්ලස් බදු සහනය 2023 වසර දක්වා අඛණ්ඩව ලබාදීමට යුරෝපා සංගමය එකඟතාවය පළකර ඇත.
කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග හා ශ්‍රී ලංකා මාලදිවයිනේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඞ් මහත්වරුන් අතර අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදී මෙම සහනය ලබාදීමට එකඟවී ඇත.
මෙරට ඇඟළුම් කර්මාන්තය සදහා වැඩි වශයෙන් ජී.එස්.පී ප්ලස් බදු සහනය හිමිවේ. ඇඟළුම් අපනයනයෙන් සියයට 60ක්ම යුරෝපයට අපනයන කරනු ලබන අතර එය මෙරට සමස්ත ඇඟළුම් අපනයනයෙන් සියයට 45ක් පමණ නියෝජනය වේ.
අපනයන ආදායමෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 05 පමණ ආදායමක් උපනය ඇඟළුම් කර්මාන්තය සදහා යුරෝපා සංගමයේ රටවල් දක්වන සහයෝගය සම්බන්ධයෙන් ඇමතිවරයා එහිදී ස්තූතිය පළ කළේය
යුරෝපා සංගමයේ රටවල ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීම සදහා කැමැත්තෙන් පසුවන බව කී යුරෝපා සංගමයේ උප සභාපතිවරයා තම සංගමයේ රටවල් වලට ශ්‍රී ලංකන් ගුවන්සේවාව නැවැත ආරම්භ කරන ලෙසට ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කලේය.

