ජී.එල්-අලි සබ්‍රි-කබ්රාල් ජාතික ලැයිතුවෙන් පාර්ලිමේන්තුවට


හිටපු විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති උපදේශක අලි සබ්‍රි යන මහත්වරුන්  මෙවර මහ මැතිවරණයේදි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ  ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ  මහ ලේකම් සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන්ගේ නම් ද පොදුජන පෙරමුණෙන් නිර්දේශ කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.