ජිනීවා විරෝධයෙනුත් සල්ලි ගහලා
ස්විස්ර්ලන්තයේ ජීනිවා නුවර මානව හිමිකම් මූලස්ථානයේ දී 2011 ජූනියේ පැවැති විවාදය සම්බන්ධයෙන් ලංකාවට සහය දැක්විම සඳහා ඉතාලියෙන් ශ්‍රීලාංකිකයින් ගෙන ගිය බස් සංවිධායකයෝ මුදල් වංචා කළේ යැයි චෝදනාවක් නැගී ඇත.
මිලානෝ නුවරින් බස්රථ 10 පිටත් වී ඇත
55 දෙනකු ගමන් කළ බසය එක් මගියෙකුගෙන් යුරෝ 20 බැගින් 55 දෙනෙකුගෙන් 1100 ක් හෙවත්
(රුපියල් 156200) අය කළ බවත් ඔවුහු කියති
මිලානෝ සිට ජිනිවා නුවරට යාමට බස් ගාස්තුව යුරෝ 1100 ක් වන අතර ජිනිවා නුවරදි එරික් මාකේවිට මහතා හැම බසයකටම ගාස්තුවෙන් අඩක් ගෙවා තිබේ.
මේ ගමනේදි යූරෝ 5500 කට (රුපියල් 781000) සිදු වූදේ රහසක් බව මාකේවිට මහතා පවසයි
මිලානෝ බස් සංවිධානය කළ රොෂාන් ජයමාන්න මහතා කියනුයේ මේ සඳහා සහභාගී වු අයගෙන් මුදල් ලබා ගත් නමුත් ජිනිවා නුවරදි තමන්ට මුදල් නොලැබුණු බවයි
එම චෝදනාව ප්‍රත්ක්ෂේප කරමින් එරික් මකේවිට මහතා ස්විස්ර්ලන්තයේ සිට දුරකථනයෙන් පැවසුයේ මිලානො නුවර සිට ආ සෑම බසයකටම ගාස්තුවෙන් අඩක් ගෙවූ බවයි
ඇතැම් සංවිධායිකයින් ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කරමින් නොගිය බස්වලට පවා තමාගෙන් මුදල් ලබාගෙන ඇතැයි එහු කියයි.
අනාගතයේදි මෙවැනි දේ වීමට ඉඩ නොදෙන බව ඒ දින වල රෝමයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ සිටි දැනට ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ මහතා පවසයි

