ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
එමෙන්ම ඔහුගේ අප කරුවන් අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර ඇත.
2008 වසරේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරියට එරෙහිව නඩුවක් ගොනු කර අධීකරණයට ඉදිරිපත් කෙරිණි.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාවට යාමට අවසර දෙන මෙන් කළ ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ දී ඔහුට විදේශගත වීමට අවසර ලබා දුන්නද යළි අධීකරණයේ පෙනී සිටින ලෙස කළ නියෝගය නොසලා හරිමින් ඔහු අධීකරණයේ පෙනී නොසිටියේය.
ඒ අනුව අවස්ථා කිහිපයකදීම ඔහුට විවෘත වරෙන්තු නිකුත් කෙරිණී.
(36698)

