ජානකී නෙත්තිකුමාර අදත් උසාවියේ


කොළඹ යුනියන් පෙදෙසේ තම ගොඩනැගිල්ලේ සුදු පොළක් පවත්වාගෙන යාමට ඉඩ දුන්නැයි දැනට ඇප මත සිටින ජානකී නෙත්තිකුමාර ව්‍යාපාරික කතට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලීසියට අද (13) නියෝග කළේය.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ ඇය නිවැරැදිකාරියක හෙයින් ඇයට එරෙහිව නගන චෝදනාවලට විරෝධය පළ කරන බවයි.

ජානකී නෙත්තිකුමාර අද උසාවියේ පෙනී සිටියාය.

ජනවාරි 27 වැනිදාට නඩුව කල් තැබිණි.