(ඉන්දිකා රාමනායක)
ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප‍්‍රවෘත්ති පලකිරීමෙන් වලකින ලෙසට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (13) මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.
මෙවැනි ප‍්‍රවෘත්ති පලකිරීමෙන් මාධ්‍යට එය හොද ප‍්‍රධාන සිරස් තලයක් පමණක් වුවද එයින් රටට හෝ ජනතාව කිසිදු ආකාරයේ සෙතක් නොලැබෙන බවද ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේය.
මෙවැනි පුවත් ප‍්‍රධාන සිරස්තලයේ පලකිරීමෙන් සිදුවන්නේ තවදුරටත් ජනතාව ඇවිස්සීම බවද හෙතෙම සදහන් කළේය. ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී .ජාතීන් අතර ගැටුම් ඇතිවීම වලක්වා ගැනීම සදහා යුද හමුදාව යොදවන්නේ ද යන්න එහිදී මාධ්‍යවේදියකු ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදීමෙන් ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළේය.
ඇතැම් මාධ්‍ය කුඩා සිදුවීමක් අලලා ඒ තුළින් විශාල ප‍්‍රවෘත්ති මවන බවත් ඒ පිළිබදව සොයා ලැබීමේ දී ඇත්තේන්ම එම් සිදුවීම්වල බරපතල තත්ත්වයක් නොමැති බවද පැවසු හෙතෙම මාධ්‍යයේ යුතුකම මෙවැනි තත්වයත් ඇති නොකර මේ ආකාරයේ ඇවිලෙන ගිනි වලට වතුර දමා නිවීම බවද කියා සිටියේය.

