ජාතීන් අතර අවිශ්වාසය නැති කරන හැටි ජනපති කියයි
රජයේ ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය ජාතීන් අතර තිබෙන අවිශ්වාසය දුරලන්නයි. මේ භාෂා ඉගෙන ගැනීම ඉතා වැදගත්. එම භාෂාවලින් අප කතා කරන විට අවිශ්වාසය නැති වෙන්න පුළුවන්‘ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. සමාජ එකාබද්ධතා සතියේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති එසේ පැවැසීය. අරලියගහ මන්දිරයේ පැවැති මෙම උත්සවයේ දී වැඩි දුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය. ‘ ජාතීන් අතර සමානාත්මතාව අපි පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න ඕනෑ දෙයක් අපි සිංහල, දෙමළ, මුස්ලිම් කියල පාසල් වෙන් කරනවා. අපි සුහදත්වය ගැන කතා කරනවා. නමුත් පොඩිකාලේ ඉඳලා උගන්වන්නේ වෙන්ව ජිවත් වෙන්න. අපි මේ කාරිය පාසලින් ආරම්භ කරන්න ඕනෑ. ඇමැති වාසුදේව නානායක්කාර මහතා ද මෙහිදී කතා කෙළේය.

