ජාතික බොක්සිං ශූරතාවලිය අනිද්දා මහනුවරදී ඇරඹෙයි
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 86 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය අනිද්දා (14) මහනුවරදී ඇරඹෙයි. තරගාවලියේ මුලික වටයේ තරග මේ මස 17 වැනිදා දක්වා මහනුවර ලීනියා ඇඟලූම් කර්මාන්තශාලා බොක්සිං වළල්ලේදී පැවැත්වේ.
පේ‍්‍රක්‍ෂකයන්ට නැවුම් අත්දැකීමක් ලබාදීමේ අපේක්‍ෂාවෙන් තරගාවලියේ අවසන් තරග මේ මස 18 වැනිදා මහනුවර නගරයේ ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හි ඉහළ මහලයේ පැවැත්වීමට නියමිතය. ජාතික බොක්සිං තරගාවලියක් කොළඹින් පිටතදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවේ.
මෙවර ජාතික බොක්සිං ශූරතාවලිය සංවිධානය කෙරෙන්නේ ඉන්දියාව පරදවා ශ්‍රී ලංකාව බොක්සිං ක‍්‍රීඩාවෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමෙන් පසුවය.
කිලෝග‍්‍රෑම් 48 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතියේ ජාතික ශූරී අනුෂා කොඩිතුවක්කු, කොළඹදී ඉන්දියාව සමග පැවැති ද්වන්ධ බොක්සිං තරගාවලියෙන් පසුව ක‍්‍රීඩාවෙන් සමුගත් හෙයින් මෙම තරගාවලියට සහභාගි නොවේ.
කෝසලා නිල්මිණී සහ ජේ. ඒ. එස්. ජයසිංහ මාස් සදර්න් පිලෙන් අනුෂාගේ ස්ථානයට ක‍්‍රීඩා කරන ක‍්‍රීඩිකාවෝ දෙදෙනා වෙති.
අනුෂා ක‍්‍රීඩාවෙන් සමුගත්ත ද, හිටපු ජාතික ශූරයකු වන මංජු වන්නිආරච්චි මෙම තරගාවලියට සහභාගිවෙමින් නැවත බොක්සිං වළල්ලට පිවිසෙයි. වසර දෙකක කාලයක් තරග තහනමකට ලක් ව සිටි මංජු කිලෝග‍්‍රෑම් 56 බැන්ටම් බර පංතියේ හිටපු ජාතික ශූරයාද වෙයි.
පසුගිය වසරේ පැවැති ජාතික බොක්සිං ශූරතාවලියේදී කිලෝග‍්‍රෑම් 56 බැන්ටම් බර පංතියේ ශූරයා වුයේ යුද හමුදාවේ ආර්. ටී. වීරක්කොඩියි. ස්ලීම් ලයින් ක‍්‍රීඩා සමාජයේ ගයාන් ජයවීර බැන්ටම් බර පංතියේ වර්තමානයේ සිටින ප‍්‍රබලම ක‍්‍රීඩකයාය. ගයාන් ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ මෙන්ම ක්ලිෆඞ් කුසලාන තරගාවලියේද බැන්ටම් බර පංතියේ ශූරයා විය.
ඉන්දියාව සමග පැවැති බොක්සිං තරගාවලියේද ගයාන්, ඉන්දිය ක‍්‍රීඩකයා පරාජය කිරීමට සමත්විය. ඒ අනුව වසර දෙකක නිහැඩියාවකින් පසුව බොක්සිං වළල්ලට එන මංජුට සිය ක‍්‍රීඩා සමාජයෙන්ම ප‍්‍රතිවාදියකු බිහිවී සිටී.
මෙවර තරගාවලියේදී පන්නල ස්ලිම්ලයින්, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, කිංග්ස්වුඞ්, මාස් සදර්න්, තුරුලිය, සිලූටා, විද්‍යාරතන, යුනිචෙලා, විද්‍යාර්ථ ආදී ක‍්‍රීඩා සමාජ 28 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 165 දෙනෙක් බර පංති 11 කින් තරග වදිති.
පන්නල ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය පසුගිය වසරේ ශූරතාව සමග පිට පිට වසර දෙකක් ජාතික බොක්සිං ශූරතාව රැකගෙන සිටියි.
ලබන වසරේ මාර්තු මස ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අවසන් තේරීම් ද මෙම තරගාවලියෙන් සිදුකෙරේ.

