ජාතික නිදහස් පෙරමුණේ පස් දෙනෙක් මෛත්‍රීට


ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෝ කිහිප දෙනෙක් තිඹිරිගස්යාය පොදු අපේක්‍ෂක කාර්යාලයයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් එක්වූහ.

විමල් වීරවංශ මහතාගේ හිටපු ලේකම් කඩුවෙල  ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රී ප‍්‍රභාත් දර්ශන, ජාතික නිදහස් පෙරමුණේ දිස්ත‍්‍රික් ලේකම් හා කැකිරාව ආසන සංවිධායක ජනක දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී උයද කුමාර , දිගාමඩුල්ල දිස්ත‍්‍රීක් නායක අනුර මුණසිංහ,  බඩල්කුඹුර ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී චරිත ශ‍්‍රී චින්තක ඔවුහුය.