ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිට පහර දී ඝාතනය කරයි


( දිල්රුක්ෂි ග්‍රේරු)

ත්‍රිරෝද රියක් බලෙන් ආපසු  ලබා ගැනීමට ගොස්  ඇතිවු ආරවුලක් දුරදිග ගොස්  පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක  සේවකයින්ගේ පහර දීමකට ලක්වූ කැස්බෑවේ පදිංචිව සිටි  ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ  සභාපති මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ  සභාපති වන ජයවර්ධනගේ සුනිල් පෙරේරා නම් පනස් තුන්හැවිරිදි පුද්ගලයෙකි .

සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික ෆිනෑන්ස් ආයතනයේ  සේවකයින් 8 දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

මිරිහාන පොලිස් වසමට අයත් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින් ත්‍රිරෝද රියක් සම්බන්ධ තොරතුරු විමසීමට පැමිණ ඇති අතර එහිදී මෙම ආරවුල ඇති වී තිබේ.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ  සභාපතිවරයා කලුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ  ප්‍රතිකාර සඳහා ඇතුලු කර සිටියදී මිය ගොස්  ඇතැයි පොලීසිය කියයි.

 වැඩිදුර පරීක්ෂණ මිරිහාන පොලීසිය සිදු කරයි.