ජාතික ගැටලුව විසඳීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සාමාජිකයන්ගේ සංයුතිය වෙනස් කළ යුතු බව මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා කියයි.
කාරක සභාවේ මුළු සාමාජිකයන් 31 දෙනා අතරින් 19 දෙනකු ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පත් කැර තිබුණ ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධාන ගතව සිටින සිය පක්ෂයෙන් මේ සඳහා සාමාජිකයකු තෝරා ගෙන නොමැති බව ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය දැනුම්වත් කළ ද ඊට මේ වන තෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවත් ඔහු සඳහන් කරයි.

