ජාතික කොඩියට පැන්ඩාවකු දාලා


ශ්‍රී ලංකා ජාතික කොඩිය අවමානයට ලක් කරන ආකායෙන් අසිපත ගත් සිංහයා වෙනුවට පැන්ඩාවකු ආදේශ කර තැපැල් පත් 167ක් ළඟ තබා ගත් බව කියන ජපන් ජාතික සින්සිරෝ කවසීමා (22) ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය. මෙය ජාතික කොඩිය විකෘති කිරීමක් බව ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය කීවේය.