ජාතික කැරම් ශූරතාවලිය 5 දා සිට


ශ්‍රී ලංකා කැරම් සම්මේලන සංවිධානය කරන 45 වැනි ජාතික කැරම් ශූරතාවලිය නො. 129/1, හයිලෙවල් පාර, මහරගම ස්ථානයේ පිහිටි නේෂන්ට‍්‍රස් බැංකු ගොඩනැගිල්ලේදී මේ මස 5 වැනිදා පෙරවරු 9.00 ට ආරම්භ වේ. මෙවර තරගාවලිය මේ මස 6, 13, 14, 19, 20, 26 සහ 27 යන දිනවල පැවැත්වේ.  
තරගාවලියේ අවසන් වන මේ මස 27 වැනිදා පස්වරු 2.00 සිට පිරිමි සහ කාන්තා කේවල අවසන් තරග පැවැත්වීමට නියමිතය. පිරිමි සහ කාන්තා කේවල, යුගළ, මිශ‍්‍ර යුගළ සහ ප‍්‍රවීණයන්ගේ යන කාණ්ඩ යටතේ තරගාවලිය පැවැත්වේ.
මෙවර තරගාවලියට ලෝක කැරම් ශූරයා වන නිශාන්ත ප‍්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලංකාවේ ප‍්‍රබලතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය.
තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0774 454323 සහ 0774 299149 යන දුරකථනවලින් ලබාගත හැකිය.