(දයාසීලි ලියනගේ)
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශීය රැස්වීම මාලදිවයිනේ පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව පක්ෂය නායක අනුර කුමාර දිසානායක මහතා ලබන තුන්වැනිදා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
මාදිවයිනේදී එම රැස්වීම පැවැත්වීමෙන් පසු යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග ආදි රටවල් වල ද සිය පක්ෂයේ රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
මේ අනුව ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් ද එම රටවලට යනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

