ජවිපෙන් යෝෂිතට රතු එළියක්


ජනතා විමුක්ති පෙරමුණ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් අද (26) ආරක්ෂක ලේකම්ට ඉදිරිපත් කළේය.

නාවික හමුදාවට යෝෂිත රාජපක්ෂ බඳවා ගත් ආකාරය නීතිවිරෝධී බවත්, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ මුලික කැඩෙට් පුහුණුව කාලයේ විශේෂ වරප්‍රසාද ලබාගෙන ඇති බවත්, ව්‍යාජ ප්‍රගති වාර්තා මත බ්‍රිතාන්‍යයේ නාවික පුහුණු ශිෂ්‍යත්වයක් ලබා ගත් බවත් එම පාඨමාලාව අසමත්වී නැවත ලංකාවට පැමිණ නාවික හමුදා නිලධරයකු ලෙස රජයේ විශේෂ වරප්‍රසාද ලබා ගත්තේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂක ලේකම්ට කරුණු ඉදිරිපත් කළේය.

ජනතා විමුක්ති පෙරමුණු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

DSC_5177 DSC_5185

ඡායාරූප සහ වීඩියෝ -  ශාන්ත රත්නායක