ජවිපෙට ක්‍රීඩා ඇමැති හමුවෙන්න ඕනෑලු


ක්‍රීඩා ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට කඩිනමින් දිනයක් සහ වේලාවක් ලබාදෙන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලිපියක් යොමු කර ඇත.

ආණ්ඩු බලය මාරුවීමත් සමඟ වංචා දූෂණවලට අදාළ ලිපි ලේඛන ආයතනවලින් හොර රහසේ ඉවත් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ දූෂණ වංචා සම්බන්ධයෙන් තමන් සතුව ඇති ලිපි ලේඛන එම සාකච්ඡාවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවත් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ලිපියේ සඳහන් කරයි.