ජලාශ පිරේ විදුලියත් සපිරේ


මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ දෙක සියයට අසූවක් පිරී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියයි. මීට සති කිහිපයකට පෙර එහි ජල මට්ටම  සියයට විස්ස දක්වා පහත වැටී තිබිණ. ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, කැනියන්, විමලසුරේන්ද්‍ර, පොල්පිටිය උපරිම ජල විදුලිය නිෂ්පාදනය කරයි.