(ජයන්ත සමරකෝන්)
ජලය හොරෙන් ගන්නා පුද්ගලයින්ට මින් ඉදිරියට දඩ පමණක් නොව වසර දෙකකට නොවැඩි සිර දඩුවමක්ද නියම කරන බවත් ඊට අදාළ කෙටුම්පත මේ වන විටත් සකක් කර අවසන් බැවින් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසීය.
ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ අද (20) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ පිළිබදව කීවේය.
හොරෙන් ජලය ලබා ගැනීම සම්බන්ධ පැමිණිලි සති දෙකකට වතාවක් 20 කට වැඩි සංඛ්‍යාවක් ලැබෙන බවත් ඒ අතර මහා පරිමාණ ව්‍යාපාරිකයින් ඇතැයිද පැවසූ අමාත්‍යවරයා එවැනි වැටලීම් සම්බන්ධ කටයුතු කඩිනම් කරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇතැයිද කීවේය.

