(ක.ග.කරුණාරත්න)
බලපත‍්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට ඇතුළු වූවැයි කියන සැකකරුවන් 10 දෙනකු මේ මස 24 වෙනි දින දක්වා රිමාන්ඞ් බාරයේ තබන්නැයි ලෙස පොලොන්නරුව දිසා මහේස්ත‍්‍රාත් හර්ෂණ දනුෂ්ක රත්නායක මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඞ් බාරයට පත්වූයේ සමන්ත පුෂ්ප කුමාර, දිනූෂ කුමාර,මනම්පිටිය,කොළණිය සත්‍ය රාජා, වජිර ප‍්‍රනාන්දු, දිනූෂ රුවන් කුමාර, කපිල තිස්ස,කුලියාපිටිය,පල්ලපිය,ආනන්ද මාවත, සනිල්ක පියෂාන් ප‍්‍රනාන්දු,රෝසාන් කුමාර, මුණසිංහ රච්චිගේ විජේදාස, උපුල් දිසානායක යන සැකකරුවන් 10 දෙනාය.
2021.09.18 දින රාත‍්‍රී කාලයේ ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ පුදුර්,දෙමෝදර ප‍්‍රදේශයේ පිරිසක් රැඳී සිටින බවට වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් අත් අඩංගුවට ගැනීමටයාමේදී නිලධාරීන්ගෙන් අතමිදී එම පිරිස පැමිණිි වාහන වලින් පළාගිය බවට වනජීවී නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තාකර තිබිණි.
සැකකරුවන් නැවත වනජීවි නිලධාරීන්ට බාරවීමෙන් පසු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම පිරිස රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

