ජර්මන් විදේශ ඇමැතිට ඇරැයුම්


ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි මංගල සමරවීර විදේශ ඇමැති විසින් ජර්මන් විදේශ අමාත්‍ය ස්ටෙයික් මෙවර්ට ඇරයුම් කළේය.

ජර්මනිය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹී වසර 62ක් ගතවන මෙවැනි මොහොතක ජර්මානු විදේශ අමාත්‍යවරයා ලංකාවේ සංචාරය කිරීම අතිශය වැදගත් වනු ඇතැයි ද සමරවීර මහතා ජර්මනියේ දී පවසා ඇත.