ජයමිණි බාධක දිවීමේ ලෝකඩ පදක්කම දිනයි


කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වන අද (11) මීටර 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා ආර්. ඒ. සී. ජයමිණි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ජයමිණි, විනාඩි 10.55.78 කින් ඉසව්ව අවසන් කළාය.