ජය ලලිතාට පමා වී මොළේ පෑදෙයි


තමිල්නාඩුවට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයනට හිරිහැර කිරීම තමන් අනුමත නොකරන බව තමිල්නාඩු මහා ඇමැතිනී ජයලලිතා ජයරාම් මහත්මිය අවධාරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව දහස් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වූවත් තමිල්නාඩුවට පැමිණෙන ලාංකික සාමාන්‍ය ජනතාවට කිසිදු හිරිහැරයක් සිදු වීමට ඉඩදිය නොහැකි බව ඇය තමිල්නාඩුවේ ශ්‍රී රංශම් ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කළාය.