ජය ලලිතා ගුවන් පුහුණුවට ලෙඩ අදී


ඉන්දියාවේ චෙන්නායි හි තාම්බරම් ගුවන් හමුදා කඳවුරේ පුහුණුවන ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධරයන් නව දෙනකු නැවත ශ්‍රී ලංකාවට එවීමට ඉන්දියා ආරක්ෂක අමාත්‍යංශය අද (6) තීරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි. එහෙත් ඉන්දියාව නිල වශයෙන් ශ්‍රී ලංකාවට දන්වා නැත. තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමැති ජයලලිතා ජයරාම්, ඩී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි හා වයිකෝ ඇතුව දකුණු ඉන්දීය දේශපාලනාඥයෝ රැසක් ඉන්දියා මධ්‍යම රජයට බලපෑම් කළහ.