ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයත් ශිෂ්‍ය ප්‍රජාවත් එක්වී මැයි 13 වැනිදා සිට 18 දක්වා විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී වෙසක් තොරණ ප්‍රදර්ශනය කිරීමට යයි.
බෞද්ධ සංගමය සහ කලා පර්ෂදය ඉදිරිපත් කරන මේ තොරණ සඳහා නිර්මාණ දායකත්වය සම්භාවනීය කලාකරුවන් පිරිසකගෙනි.ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ ‘අසක්දා කව’ සහ ආසංඛවතී ජාතකය පදනම් කැරගත් තොරණෙහි ප්‍රධාන චිත්‍ර ගුණදාස සපුතන්ත්‍රිගෙනි.විදුලි ආලෝකය ඇන් ජේ එදිරිසිංහගෙනි.‘අසක්දා’ කවෙන් උපුටාගත් ගුණදාස අමරසේකර පද්‍ය රචනා තොරණ සඳහා ගායනා කරන්නේ විශාරද නන්දා මලනීය සහ වික්ටර් රත්නායකයි.
සංගීතය රෝහණ වීරසිංහගෙනි.තොරණ විස්තරය ආචාර්යය ප්‍රණීත් අභයසුන්දර රචනා කරයි.විස්තර කථනය හරේන්ද්‍ර ජයලාල්ගෙනි.පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ සහ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධීක්ෂණයෙන් මෙම වෙසක් තොරණ ඉදි කැරේ.

