ජපානේ වප් පින්කම ඉරිදා


ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ වප් පින්කම ලබන 28 වැනිදා පැවැත්වෙන බව විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියෝ කියති. පෙහෙවස් සමාදම්වීම්, පිරිත්, දහම් සාකච්ඡා, පහන් පූජා ආදිය මීට ඇතුළත් වෙයි. නාවල පුරාණ විහාරාධිපති ගම්මැදගම චන්දවිමල හිමි, කොත්මලේ සුගත බිම්බාරාමාධිපති රම්බොඩගම රතනපාල හිමි හා කුඹුක්මුල්ලේ කුසල හිමි ධර්ම දේශනා හා පහන් පූජා පවත්වති.