(ටී.කේ.ජී.කපිල )
ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානෙ (Kazuyuki Nakane) මහතා ඇතුළු දූත පිරිස තුන් දින නිල සංචාරයක් සදහා අද (28) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියහ.
මෙම පිරිස හෙට (29) දින කොළඹ වරාය පරිශ්‍රයේ දී නාවික මුර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ඇතුළු මැති ඇමතිවරු රාශියක් සහභාගිවීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් වේ.
මෙම නාවික යාත්‍රා තුළින් ශ්‍රී ලංකාවට සමුද්‍රීය ආරක්ෂාව වර්ධනය කර ගැනීමටත් , සිය සමුද්‍රීය සීමාවන් පාලනය කර ගැනීමට උපයෝගී කර ගත හැකි බවත් ජපානය අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මේ මගින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර පුළුල් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට ජපානය අපේක්ෂා කරන අතර , මේ සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් හමු වී සාකච්ඡා කිරීමට මෙම ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස අදහස් කරන බවත් එම ප්‍රවෘත්ති නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.
ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ දින 05 කට පසුව යළිත් ඉහළ පෙළේ ජපාන රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාවේ දේශපාලන අංශ වල දැඩි කතා බහට ලක් වී තිබේ.
මෙම පිරිස පිළිගැනීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.