ජපානයේ මියාගි දිස්ති‍්‍රක්කයට අයත් යමමෝටෝ නගරයේ පදිංචි කරුවකු වන ලිතු ඕ සොකොගාමාට (29) ඔහුගේ පවුලේ තිදෙනකු සමගින් ඔහුගේ සියලූ සේසත 20011 සුනාමියෙන් අහිමි විය. නිවස ආසන්නයේ කන්ටේනර් පෙට්ටියක් තුළ සුරක්‍ෂිතව නවතා තිබූ හාර්ලි ඬේවිඩිසන් වර්ගයේ යතුරු පැදියද සුනාමි දිය රළට හසුව මුහුදට ගසාගෙන ගියේය. වසරක් ඉක්ම වූ පසු කන්ටේනර පෙට්ටිය කැනඩාවට අයත් මුහුදු සීමාවෙන් හමුවිය. කැනඩා ජාතිකයා එය දැක වෙරළාරක්‍ෂක භටයනට දැන්වීය. යතුරු පැදියේ අංක තහඩුවෙන් අයිතිකරු හඳුනාගැනීමට හැකිවිය. පසුගිය වසරේ මාර්තු 11 වැනිදා ජපානයෙන් මුහුදට ගසාගෙන ගිය විශාල ධීවර නැවක් කැනඩාවෙනුත් පාපන්දුවක් ඇලෙක්කාවෙනුත් හමුවිය.