ජපන් ක්‍රමයට සුනාමි පිං පෙත්


අට වසරකට පෙර සුනාමියෙන් මියගිය අය ජපන් සම්ප්‍රදාය අනුව සැමරීම ගාල්ලේ දී සිදුකැරුණි. රූමස්සල සාම චෛත්‍යයේ විහාරාධිපති එස්.අසමි හිමියන්ගේ අනුශාසකත්වයෙන් හිරෝෂණ ජපනා භාෂා පාසල මෙම සැමරුම සංවිධානය කළේය. මියගිය අය සිහිපත් කරමින් මාගාල්ල මොරගොඩ ඇලෙහි ජපන් පහන් කූඩු පාකැර හැරීම සිදුවිය.