ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක්


(තිළිණි ද සිල්වා)

මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කර තිබේ.
 
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා ඔම්බුඩ්ස්මන් ධූරයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් වෙතින් වගකීම් පැහැර හැරීමක් හෝ සීමාව ඉක්මවා ක්‍රියා කිරීමක් සිදුව තිබේනම් හා ඉන් මහජනයාට අපහසුතාවක් හෝ පීඩාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා විසඳුම් දීම ඔම්බුඩ්ස්මන් කාර්යාලය ස්ථාපනය කිරීමේ පරමාර්ථය යැයිද එම නිවේදනයේ සදහන් වේ.

කොළඹ 01, ජනාධිපති මාවතේ පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ 03 වැනි මහලේ කාර්යාලය ස්ථාපනය කර තිබේ.මහජනතාවට තම පැමිණිලි හෝ දුක්ගැනවිලි කාර්යාලයට පැමිණ පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.ෙනැතහොත් “ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01” ලිපිනයට තැපල්මගින් පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කල හැක.

0112338073 දුරකථන/ ෆැක්ස් අංකය හෝ [email protected]විද්‍යුත් ලිපිනය ඔස්සේ පැමිණිලි යොමු කළ හැකි වේ.
 
ජන ජිවිතයේ සාමකාමී පැවැත්මට හානිකර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, පරිසර හානි සහ නීති විරෝධි ක්‍රියා පිළිබඳ මහජන පැමිණිලි ද තමා වෙත වෙත යොමු කළ හැකි බව ඔම්බුඩ්ස්මන් එස්.එම්. වික්‍රමසිංහ මහතා කියා සිටී.